ජීව වෛද්‍ය ඉංජිනේරු (විධායක සේවා ගණයේ III ශ්‍රේniයේ) තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු තනතුරු 10ක් බඳවාගැනීම සඳහා පහත සුදුසුකම් ඇති ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
01. බඳවා ගැනීමේ ක්‍රමය :
නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් අතුරින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන සම්මුඛ පරීකෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීකෂණයක ප්‍රතිඵල මත ඉහළම ලකුණු ලබාගන්නා අපේකෂකයින් පුරප්පාඩු සංඛ්‍යාව අනුව බඳවා ගනු ලැබේ. එහි දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද (අංක 06 යටතේ සඳහන්) ලකුණු දීමේ පටිපාටියට අනුකූලව ව්‍යුහගත සම්මුඛ පරීකෂණය පවත්වනු ලැබේ.
02. අවශ්‍ය සුදුසුකම් :
(i) අධ්‍යාපන සුදුසුකම් :
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක විද්‍යුත්/විදුලි/යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව/ජීව වෛද්‍ය ඉංජිනේරු පිළිබද උපාධියක් ලබා තිබීම.
(ii) කායික සුදුසුකම් :
සෑම අපේකෂකයෙකුම ශ්‍රී ලංකාවේ ́නෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරෙහි රාජකාරි ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.
(iii) වෙනත් සුදුසුකම් :
අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුය.
අයදුම්කරුවන් විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුය.
අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට, තනතුරට බඳවා ගැනීම සඳහ අවශ්‍ය සියළුම සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ/ ගැසට් පත්‍රයේ සඳහන් කරනු ලබන අවසන් දිනට එම සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.
03. සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි :
(i) මෙම තනතුර ස්ථීර හා විශ්‍රාම වැටුප් සහිතය. වැන්දඹු හා අනත්දරු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුපට දායක මුදල් ගෙවිය යුතුය.
(ii) මෙම තනතුරට පත්වීම් ලබන නිලධාරීන් වසර තුනක (03) පරිවාස කාලයකට යටත්වන අතර එම වසර තුන (03) ඇතුලත පළමුවැනි කාර්යකෂමතා කඩඉම් පරීකෂණය සමත්විය යුතුය.
(iii) 2014.01.21 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 01/2014ට අනුව තනතුරට බැඳී වසර 05ක් ඇතුළත සේවාවට බැඳුනු භාෂාවට අතිරේකව අනෙක් රාජ්‍ය භාෂාව පිළිබද අදාළ ප්‍රවීනතාවය ලබා ගත යුතු අතර, රාජ්‍ය භාෂාවක් නොවන මාධ්‍යකින් සේවයට බැඳුනු නිලධාරීන් විසින් පරිවාස කාලය තුළ නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීනතාවය ලබා ගත යුතුය.
(iv) රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පරිපාටික රීතිවලටද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයටද, රජයේ මුදල් රෙගුලාසිවලද, දෙපාර්තමේන්තුගත අනෙකුත් නියෝගවලට මෙම පත්වීම යටත් වේ.
04. වයස් සීමාව :
ඉල් ̈ම්කරුවන් ඉල් ̈ම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු
21ට නොඅඩු විය යුතු අතර, අවුරුදු 35ට නොවැඩි විය යුතුය.
05. වැටුප් පරිමාණය :
මෙම තනතුරට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 6/2006 දරන වැටුප් චක්‍රලේඛයට අනුව
SL-1-2006 රු. 22,935-10x645-8x790-17-1050-රු. 53,555 ක මාසික වැටුප් පරිමාණයක් හිමි වේ.
06. ව්‍යුහගත සම්මුඛ පරීකෂණය සඳහා පහත සඳහන් ලකුණු පටිපාටිය
පදනම් කරගනු ලැබේ.
පරීකෂා කර ලකුණු ලබා දෙනු ලබන ශීර්ෂ : උපරිම ලකුණු ප්‍රමාණය
අතිරේක අධ්‍යාපන සුදුසුකම් : 50
පළපුරුද්ද : 20
ක්ෂේත්‍රයට අදාලව පර්යේෂණ හා ප්‍රකාශන : 25
සම්මුඛ පරීකෂණයේදී දක්වන කුසලතාවය : 05
මුළු ලකුණු : 100
07. අපේකෂකයින්ගේ අනන්‍යතාවය :
1.ව්‍යුහගත සම්මුඛ පරීකෂණයට කැඳවනු ලබන්නේ සෑම ආකාරයකින්ම සම්පූර්ණ අයදුම්පත් ඉදිරිපත්කර ඇති අපේකෂකයින් පමni.
2.සම්මුඛ පරීකෂණයේ දී සියළුම සහතිකවල මුල් පිටපත් හා නිසි පරිදි සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කළ යුතු ය. සම්මුඛ පරීකෂණයේ දී තමන්ගේ අනන්‍යතාවය සහතික කිරීම සඳහා පහත සඳහන් අනන්‍යතාපත්‍ර පිළිගනු ලැබේ,
(i) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත්‍රය,
(ii) වලංගු විදේශ ගමන් බලපත්‍රය.
08. අයදුම්පත් ඉදිරිපත් කිරීම
(i) අයදුම්පත් 2015.09.25 දිනට හෝ එදිනට ප්‍රථම, ලේකම්, (අධ්‍යකෂ(පාලන) 07 ශාඛාව), සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත, කොළඹ 10 යන ලිපිනයට ලැඛෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුවේ. එදිනට පසුව ලැඛෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
(ii) ඉදිරිපත් කළයුතු අයදුම්පත්‍රයේ ආදර්ශ ආකෘතියක් මෙම නිවේදනය අවසානයේ දැක්වේ. අයදුම්කරුවන් ඔවුන්ගේ අයදුම්පත් A4 ප්‍රමාණයේ කඩÞසියක සකස්කර මුල් පිටුව අංක 01 සිට 05 දක්වාත් 02 වන පිටුව අංක 06 සිට 09 දක්වාත් වන ආකාරයෙන් පිළියෙල කර තමාගේ අත්අකුරින් සම්පූර්ණ කළ යුතුය.
(iii) අයදුම්පත බහාලන කවරයේ ඉහළ වම් කෙළවරේ "ජීව වෛද්‍ය ඉංජිනේරු තනතුර සඳහා අයදුම්කිරීම" යනුවෙන් සඳහන් කළ යුතුය.
(iv) අයදුම්පත්‍රයේ අපේකෂකයාගේ අත්සන රජයේ විදුහලක විදුහල්පතිවරයෙකු/සාමÞන විනිශ්චකාරවරයකු/දිවුරුම් කොමසාරිස්වරයකු/නීතිඥවරයකු/ප්‍රසිද්ධ නොතාරිස්වරයකු/ ත්‍රිවිධ හමුÞවේ අධිකාරිලත් නිලධාරියකු හෝ රු. 22,935 ක මාසික එAකාබද්ධ වැටුපක් ලබන රජයේ ස්ථීර තනතුරක් දරන නිලධාරියකු විසින් සහතික කළ යුතුය.
(v) දැනට රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත නිලධාරීන් තම අයදුම්පත් තමන් සේවය කරන
දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ඉදිරිපත් කළ යුතුය.
(vi) මේ සමඟ ඇති ආදර්ශ අයදුම්පත්‍රයේ ආකෘතියට අනුකූල නොවන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පත් නැතිවීම හෝ ප්‍රමාදවීම ගැන කිසිදු පැමි‚ල්ලක් භාරගනු නොලැබේ.
9. සාවද්‍ය තොරතුරු සැපයීම :
ඔබ විසින් එවන ලද අයදුම්පත්‍රයේ සඳහන් කර ඇත්තාවු යම් තොරතුරක් අසත්‍ය හෝ වැරදි බව බඳවා ගැනීමට පෙර අනාවරණය වුවහොත් ඔබගේ අපේකෂකත්වය අවලංගු කරනු ලැබේ. එබඳු අසත්‍ය
හෝ වැරදි තොරතුරක් බදවා ගැනීමෙන් පසුව අනාවරණය වුවහොත් ඊට අÞළ ක්‍රියා මාර්ගයන්ට යටත්ව සේවයෙන් පහකිරීමට කටයුතු කරනු ලැබේ.
10. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පරිපාටික රීති, කලින් කලට රාජ්‍ය සේවයට සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා විධායක සේවා ගණයේ iii ශ්‍රේniයට අÞළ වූ සේවා ව්‍යවස්ථාව හා ඊට සිදුකර ඇති සංශෝධනයන්හි කොන්දේසි මෙම තනතුර සඳහා අÞළ වේ.
11. පුරප්පාඩු පිරවීම හෝ නොපිරවීමේ අයිතිය රාජ්‍ය සේවා කොමිෂන්
සභාව සතුවේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි,
ආචාර්ය ඩී. එම්. ආර්. බී. දිසානායක,
ලේකම්,
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය.
"සුවසිරිපාය"
අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10.
2015 ජූලි මස 02 වැනි දින
