II ශ්‍රේ‚යේ තනතුරු සඳහා විවෘත හා සීමිත පදනම මත බඳවා ගැනීම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන රෝහල් සඳහා හෘද පෙනහළු නිවේශක II වන ශ්‍රේ‚යේ දැනට පවතින පුරප්පාඩු සඳහා විවෘත හා සීමිත පදනම මත බඳවා ගැනීමට පහත සඳහන් සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
01. බඳවා ගැනීමේ ක්‍රමය :
නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් අතුරින් සෞඛය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් හෝ ඔහු විසින් අනුමත කරනු ලබන ආයතනයක් මඟින් පවත්වනු
ලබන ලිඛිත විභාගයේ ප්‍රතිඵල මත ඉහළම ලකුණු ලබා ගන්නා අපේකෂකයින් කායික යෝග්‍යතාව සහ සුදුසුකම් පරීකෂා කිරීමේ සම්මුඛ පරීකෂණයකට යොමු කිරීමෙන් පසුව පුරප්පාඩු සංඛ්‍යාව
අනුව බඳවා ගනු ලැබේ. (බඳවා ගන්නා නිලධාරින් සංඛ්‍යාව අමාත්‍යාංශයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව හා අවශ්‍යතාව මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් තිරණය කරනු ඇත.)
02. අවශ්‍ය සුදුසුකම් (විවෘත බඳවා ගැනීම සඳහා) :
(i) අධ්‍යාපන සුදුසුකම් :
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් භෞතික විද්‍යාව විෂයයක් වශයෙන් ඇති පන්ති සාමාර්ථයක් සහිත විද්‍යාවේදී උපාධියක් ලබා තිබීම.
(ii) කායික සුදුසුකම් :
දිවයිනේ ́නෑම ප්‍රදේශයක සේවයේ යෙදවීමට තරම් යෝග්‍ය වන යහපත් මානසික හා මනා ශරීර සෞඛ්‍ය තත්වයකින් යුක්ත වීම.
(iii) වෙනත් :
- අයදුම්පත් කැඳවන නිවේදනයේ සඳහන් කරනු ලබන දිනට අයදුම්කරුවන් විසින් සියළු සුදුසුකම් සපුරා තිබිය යුතු ය.
- අයදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතු ය.
- අයදුම්කරු විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතු ය.
(i) අධ්‍යාපන සුදුසුකම් :
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් විද්‍යාවේදී උපාධියක් ලබා තිබීම.
(ii) පළපුරුද්ද :
අවම වශයෙන් වසර 05ක පළපුරුද්දක් ඇති හෙද/හෙදි නිලධාරියෙකු වීම.
(iii) කායික සුදුසුකම් :
දිවයිනේ ́නෑම ප්‍රදේශයක සේවයේ යෙදවීමට තරම් යෝග්‍ය වන යහපත් මානසික හා මනා ශාරීර සෞඛ්‍ය තත්වයකින් යුක්ත වීම.
(iv) වෙනත් :
අයදුම්පත් කැඳවන නිවේදනයේ අවසන් දිනට තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතු ය.
04. සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි හා සේවා කොන්දේසි :
(i) මෙම තනතුර ස්ථීරය, විශ්‍රාම වැටුප් සහිතය, වැන්දඹු/වැන්දඹු පුරුෂ අනත්දරු, විශ්‍රාම වැටුප් ක්‍රමයට daaයක මුදල් ගෙවිය යුතු ය.
(ii) මෙම පත්වීම අවුරුදු 03ක පරිවාස කාලයකට යටත් ය. (සීමිත බඳවා ගැනීම් සඳහා පමණක් අවුරුදු 01ක වැඩබැලීමේ කාලයකට යටත් ය.)
(iii) රාජ්‍ය භාෂාවක් නොවන භාෂා මාධ්‍යයකින් සේවයට බැඳුනු නිලධාරින් විසින් රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය පරිවාස කාලය තුළ දී ලබා ගත යුතු ය.
(iv) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 07/2007 හා ඊට අනුෂාංගික චක්‍රලේඛ අනුව අÞළ මට්ටමේ භාෂා ප්‍රවීණතාව ලබා ගත යුතු ය.
(v) මෙම පත්වීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති, මුදල් රෙගුලාසි හා ආයතන සංග්‍රහයේ විධිවිධානයන්ට යටත් වේ.
05. වයස් සීමාව :
ඉල් ̈ම්කරුවන් ඉල් ̈ම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 21ට නොඅඩු විය යුතු අතර, අවුරුදු 35ට නොවැඩි විය යුතු ය.
(සීමිත බඳවා ගැනීම් සඳහා පමණක් උපරිම වයස් සීමාව අÞළ නොවේ.)
06. වැටුප් පරිමාණය :
මෙම තනතුරට රු. 16,720-10x320-11x365-15x450-රු. 30,685 මාසික වැටුප් පරිමාණයක් හිමිය.
(MN 05-2006A)
07. ලිඛිත පරීකෂණය පහත විෂයන් යටතේ පවත්වනු ලැබේ. :

08. අපේකෂකයින්ගේ අනන්‍යතාවය:
ලිඛිත පරීකෂණයට කැඳවනු ලබන්නේ සෑම ආකාරයකින්ම සම්පූර්ණ අයදුම්පත් ඉදිරිපත් කර ඇති අපේකෂකයින් පම‚. ලිඛිත පරීකෂණයේදී තමන්ගේ අනන්‍යතාවය සහතික කිරීම සඳහා පහත සඳහන් අනන්‍යතාපත්‍ර පිළිගනු ලැබේ.
(1). පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්‍රය.
(2). වලංගු විදේශ ගමන් බලපත්‍රය.
ලිඛිත පරීකෂණයට කැඳවනු ලබන්නේ සෑම ආකාරයකින්ම සම්පූර්ණ අයදුම්පත් ඉදිරිපත් කර ඇති අපේකෂකයින් පම‚. ලිඛිත පරීකෂණයේදී තමන්ගේ අනන්‍යතාවය සහතික කිරීම සඳහා පහත සඳහන් අනන්‍යතාපත්‍ර පිළිගනු ලැබේ.
(1). පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්‍රය.
(2). වලංගු විදේශ ගමන් බලපත්‍රය.
09.
(i) අයදුම්පත් 2015.09.11 දිනට හෝ එදිනට ප්‍රථම පහත ලිපිනයට ලැඛෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුවේ. එදිනට පසුව ලැඛෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
"ලේකම්,
(අධ්‍යකෂ (පාලන) 07 ශාඛාව),
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10."
(ii) ඉදිරිපත් කළ යුතු අයදුම් පත්‍රයේ ආදර්ශ ආකෘතියක් මෙම නිවේදනය අවසානයේ දැක්වේ. අයදුම්කරුවන් ඔවුන්ගේ අයදුම්පත් A4 ප්‍රමාණයේ කඩÞසියක සකස් කර මුල් පිටුව අංක 01 සිට 07 දක්වාත්, දෙවන පිටුව අංක 08 සිට අංක 11 දක්වාත් දැක්වෙන ආකාරයෙන් පිළියෙල කර තමාගේ අත් අකුරින් සම්පූර්ණ කල යුතුය.
(iii) අයදුම්පත බහාලන කවරයේ ඉහළ වම් කෙළවරේ "හෘද පෙනහළු නිවේශක තනතුරු සඳහා අයදුම්පත්‍රය - සීමිත/විවෘත" යනුවෙන් සඳහන් කළ යුතුය. (තමා අයදුම් කරන්නේ විවෘත බඳවා ගැනීම යටතේද, සීමිත බඳවා ගැනීම යටතේද යන්න සඳහන් කරන්න.)
(iv) අයදුම්පත්‍රයේ අපේකෂකයාගේ අත්සන රජයේ විදුහලක විදුහල්පතිවරයෙකු/සාමදාන විනිශ්චයකාරවරයෙකු/දිවුරුම් කොමසාරිස්වරයෙකු/නීතිඥවරයෙකු/ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු/ත්‍රිවිධ හමුÞවේ අධිකාරිලත් නිලධාරියෙකු, පොලිස් සේවයේ ගැසට් කළ තනතුරක් දරන නිලධාරියෙකු හෝ(අධ්‍යකෂ (පාලන) 07 ශාඛාව),
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10."
(ii) ඉදිරිපත් කළ යුතු අයදුම් පත්‍රයේ ආදර්ශ ආකෘතියක් මෙම නිවේදනය අවසානයේ දැක්වේ. අයදුම්කරුවන් ඔවුන්ගේ අයදුම්පත් A4 ප්‍රමාණයේ කඩÞසියක සකස් කර මුල් පිටුව අංක 01 සිට 07 දක්වාත්, දෙවන පිටුව අංක 08 සිට අංක 11 දක්වාත් දැක්වෙන ආකාරයෙන් පිළියෙල කර තමාගේ අත් අකුරින් සම්පූර්ණ කල යුතුය.
(iii) අයදුම්පත බහාලන කවරයේ ඉහළ වම් කෙළවරේ "හෘද පෙනහළු නිවේශක තනතුරු සඳහා අයදුම්පත්‍රය - සීමිත/විවෘත" යනුවෙන් සඳහන් කළ යුතුය. (තමා අයදුම් කරන්නේ විවෘත බඳවා ගැනීම යටතේද, සීමිත බඳවා ගැනීම යටතේද යන්න සඳහන් කරන්න.)
රු. 273,060 කට වැඩි වාර්ෂික එAකාබද්ධ වැටුපක් ලබන රජයේ ස්ථීර තනතුරක් දරන නිලධාරියකු විසින් සහතික කළ යුතුය.
(v) අයදුම්පතෙහි "ලේකම්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, "සුවසිරිපාය", 385, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත, කොළඹ 10" යන ලිපිනයට ලියූ කොළඹ මහ තැපැල් කාර්යාලයෙන් ගෙවිය හැකි මුදල් ඇණවුමක් මඟින් රු. 500ක විභාග ගාස්තුව සෑම අපේකෂකයකු විසින්ම ගෙවිය යුතුය. විභාග ගාස්තුව කුමන
හේතුවක් නිසාවත් ආපසු ගෙවනු නොලැබේ.
(vi) දැනට රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත නිලධාරින් තම අයදුම්පත් තමන් සේවය කරන
දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින් ඉදිරිපත් කල යුතුය.
(vii) මේ සමඟ ඇති ආදර්ශ අයදුම් පත්‍රයේ ආකෘතියට අනුකූල නොවන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පත් නැතිවීම හෝ ප්‍රමාද වීම ගැන කිසිදු පැමි‚ල්ලක් භාර ගනු නොලැබේ.
10.සාවද්‍ය තොරතුරු සැපයීම :
ඔබ විසින් එවන ලද අයදුම් පත්‍රයේ සඳහන් කර ඇත්තාවූ යම් තොරතුරක් අසත්‍ය හෝ වැරදි බව බඳවා ගැනීමට පෙර අනාවරණය වුවහොත් ඔබගේ අපේකෂකත්වය අවලංගු කරනු ලැබේ.
- එබඳු අසත්‍ය හෝ වැරදි තොරතුරක් බඳවා ගැනීමෙන් පසුව අනාවරණය වුවහොත් ඊට අÞළ ක්‍රියා මාර්ගයන්ට යටත්ව සේවයෙන් පහ කිරීමට කටයුතු කරනු ලැබේ.
- මෙම ගැසට් නිවේදනයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පාඨ අතර යම් අනුකූලතාවයක් හෝ පරස්පරතාවයක් හෝ ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු වන්නේ ය.
- මෙම ගැසට් නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් මතුවන ගැටළු සඳහා සෞඛ්‍ය ලේකම්ගේ තීරණය අවසන් තීරණය වනු ඇත.
(වැඩ බලන)
ලේකම්.
2015 මැයි මස 27 වැනි දින,
අංක 385,"සුවසිරිපාය"
පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
කොළඹ 10.
